Monday, January 14, 2013

දෙවියන් මට දුන් දරුවා

එපිට ජනෙල් විදුරුව තෙමි පහලට රූටා වෑටෙන දියබිංදු , සේලයින් බෝතලෙන් බිදෙන් බිද හෑපි හෑපි වෑටි වෑටි  මගෙ අත කරා එන  සේලයින් බිදු , නළල් තලය පුරා ගලා විත් කෙස් අතර සෑගවෙන දහදිය බිදු, වගෙම දෙනෙත් අගින් ගලා යන කදුළු බිංදු අතර  මොකක්දො මූසල වේදනාවක් , පිළිකුල් බවක් ගෑබ් වෙලා තිබුනා . ප්‍රසූතිකාගාරයේ ඉන්න අම්මලගෙ කෙදිරිලි හඩවල් , නාසය විනිවිද යන බෙහෙත් ගද ,මාව තව තවත් වෙහෙසට පත් කලා.ගෑහෑණියක් දරන දරුනුම වේදනාවලු දරුවෙක් බිහි කරන එක . ඒක එහෙමද කියන්න මම දන්නෙ නෑ . ඒත් හෑමදාම  ගිනිගන්න හදවතේ වේදනාව තරම්නම් ඒ මොහොත දරුනු නෑ කියලා මට හිතුනා

          "  මෙන්න ඔයාගේ පුංචි පුතා........."

සාත්තුවට ළගට ආපු හෙදිය මොහොතකට කලින් මගෙ කුසෙන් පිටවුන ඒ මස් වෑදෑල්ල ගෙනත් තිබ්බා මගෙ ළගින්, ෂික් ඒ වෙලාවේ හිතට ආපු දෑඩි පිළිකුල එක්ක මුහුවුන  වෛරය .....ඒ හෑගීම මට කියන්න තේරෙන්නෙ නෑ. ඌ රෑහෑයියෙක් වගේ කිරි ඉල්ලලා ඉස්පිරිතාලෙ දෙවනත් කරද්දි  මම යක්ශාවේෂ උනා..


අරන් පලයව් මූව .... මගෙ දෑහෑට නොපෙනී..... මට එපා ඕකව ....මට එපා ... මම විලාප තිබ්බා, 
දරාගන්න බෑරි කොපයට මගේ සියොළගම වෙව්ලනවා වගෙයි මට දෑනුනෙ,,,

තුහ්: නොදකින් මෙහෙමත් අම්මලා....දරුවා දිහා නිකමට වත් බලන්නෙ නෑ, දරුවට කිරි ටිකක් දෙන්නෙ නෑති තිරිසන්නු.... දරුවො ඕනි නෑතිනම් මොකට හදනවද?
ඉස්පිරිතලෙ ගෑණු තිත්ත කුණුහරුපෙන්  මට බනිනවා. ඒත් වෙහෙසත් , නින්දත් නොනින්දත් අතර සිටි නිසාත් ඒ බනින්නෙ මට කියලවත් හෑගීමක් මට දෑනුනෙ නෑ.

"ඒ අම්මට දරුවා දෙන්න එපා..."
එයා මානසික ලෙඩෙක්  ... ලොකු කාළයක් දරුවෙක් නෑතිව ඉදලා තියෙනවා.සමහරවිට ඒ නිසා වෙන්න ඈති,එයාගෙ මහත්තයයි , මහත්තයගෙ අම්මයි ඈවිත් ඉන්නවා. එයාළට ළමයව බලන්න දෙන්න.
දොස්තරු එහෙම කතා වුනා.

ඈත්තටම මට පිස්සුද?

මම පුංචි කාළේ ඉදලම  හෑදුනෙ මගෙ අත්තම්මා ළග, අම්මා තත්තා මොනවගෙද කියන්නවත් මම දන්නෙ නෑ.මම පුංචි කාළෙම එයාළා තම තමන්ගෙ නිදහස හොයගෙන ගිහින්. පුංචි කාළෙ ඉදලම එක එකාගෙ සමච්චල් හිනාවට ,ඕපදුප කතාවට ලක්වුනෙ මං වෑරදි කරපු නිසා නෙමෙයි. එයාලගෙ දරුව වුන නිසා

ඒත් මගේ හෙවනෑල්ල මගෙ ජීවිතයට එද්දි දෙමව්පියන්ගෙන් නොලෑබුන ආදරය , සෙනෙහස ඔහුගෙන් බලාපොරොත්තුවුනේ මගේ ජීවිතයට එළියක් වෙයි කියලා, ඈත්තමයි..... ඔහු ගොඩක් අවංකයි. නිහඩයි.ඒ නොසිදෙන ආදරය ,අනේ ඒ අහිංසක හදවත මොනතරම්නම් සොදුරුයිද?  ඒත් ඒ සතුටට  කොමාවක් වෑටුනෙ ඊළග බලාපොරොත්තුව හිතට වද දෙන්න පටන් ගත්තට පස්සෙ ......,

කෝ දරු පෑටියෙක්....???

මං  කසද නොබෑද ඉන්නකම්  හෑමොටම ප්‍රශ්නය වුනෙ ඈයි කසාද නොබෑද ඉන්නෙ කියල...., බෑන්දට පස්සෙ ඊළග ප්‍රශ්නය වුනේ කෝ දරුවෙක් කියල.., දරු පෑටියෙක්ගෙ පෙර නිමිත්තක් නෑති වෙනකොට නෑන්දම්මට මං උයන දේ වහා වෙන්න පටන් ගත්තා..., හිනා වුනත්,, ඈඩුවත් , මොනවා කළත් හෑමදේම වෑරදියට පේන්න ගත්තා....පෙරමගට  එන අය මග හෑරලා යන, මූසල අවජාතක, කාළකණ්නි, වඳ, තවත් කියන්න මතකවත් නෑති තරම් වචන මගෙ නමට එකතු වෙන්න පටන් ගත්තා. ඒත්  සත්තයි.... මගේ අහිංසක හෙවනෑල්ල ඒ හෑම තෑනකදීම මගෙ ළගින් හිහියා.ඒ තරම් ආදරයක් , සෙනෙහසක්,,,,, මඩ ගොහොරක් මෑද්දෙ  මං ජීවත් වෙනවා කියලා දෑනුනෙ ඒ ආදරය මාව රෑකගත්තු නිසා   ඒ දොස්තර, මේ දොස්තර, අතන වෙදා, මෙතන වෙදා,එක එක දේවාල වලට භාරහාර, දරුවෙක් වෙනුවෙන් ජීවිතය හෙම්බත් වෙනකම් නොකරපු දෙයක් නෑ මං


ඔය අතරෙදි නෑන්දාඅම්මා දවසක් ගෙනාවා අපූරු ආරංචියක්
 "පුතේ  කන්දේ දේවාලේ කපු මහත්තයට කියලා යාතිකාවක් කරගමු. එතනට යන ගොඩක් අයට  දරු ඵල හරි ගිහින් තියෙනවයි කියන්නෙ , එතනටවත් ගිහින් බලමු..... අනේ මට මෑරෙන්න කළියෙන් උබලගෙ දරු පෑටියෙක් බලන්න දෙන්නෙ නෑද්ද උබලා",,,,,,,,

 හෑමදාම වගේ එදත් අපි උන්දෑගෙ බහට කීකරු වුනා. එදා ඔහුයි මමයි දේවාලෙට යද්දි වෑහි බීරම නිසා හෑන්දෑවටත් වඩා අදුර හාත්පස වෙලාගෙන තිබුනා. දේවාලෙ අත් උදව් දෙන මෑදිවියේ ගෑහෑනියක් ඈවිත් ඔහුට නොනවත්වා ඝන්ඨාරය නාද කිරිමට පවසා මා රෑගෙන ගියා දෙවියන්ගෙ අඩවියට...අඩ අදුර ගුලිවුන ඒ මුසල කුටිය තුළ මගෙ යාතිකව අහන්න එක දෙවියෙක් වෙනුවට ,,,,,,, තිරිසනුන් පස්  හය දෙනෙක්ම එතන , මලානික ආලෝකය, කපුරු සුවද වෙනුවට සිගරෑට් දුමාරය , නාසය කඩගෙන යන අරක්කු ගද , ඒ මුසල රකුසන්ව දකිද්දි මාව භිතියෙන් ඈවිලුනා. මං උන්ගෙ දෙපතුල ලග වෑද වෑටුනා. මහා හඩින් කෑ ගහලා ඈඩුවා.
ඒත් දෑඩි දේව භක්තියෙන් ඝන්ඨාරය නාද කරන මගෙ හෙවනෑල්ලට ................ ඒ කුටියෙ වෑඩ හිටපු අතිබලෑති දෙවියන්ට  ඒ අසාධාරනය පෙනුනෙ නෑ.. ඈහුනෙ නෑ... ඝන අන්දකාරය පෑතිරෙද්දි හෙවනෙල්ලත් ලග නෑති වෙනව . ජීවිතයෙ හෑම රහසක්ම දෑන හිටපු මගේ හෙවනෑල්ලටත් කියාගන්න බෑරි , ඔහුත් නොදන්න රහසක් මගේ ජීවිතයට එකතු වුනා...එදා මුළු රෑම මම ඈඩුවා, ඈඩුවා..... ඒ අහිංසක මූන බලගෙන මට ඔහුට බොරු කරන්න තරම් හිතට හයියක් තිබුනෙ නෑ.ඒත් මං කොහොමද ඈත්ත කියන්නෙ? ඈත්ත කිව්වත් උන් හෑමොටම ටික දවසකින් ඒක එක සිද්දියක් විතරක් වෙයි. ඒත්  මට ,.... මම ගෑහෑණියක් , සමජෙ තුල පයට පෑගෙන දුවිල්ලක් බවට පත්වෙයි මම...
මොනදේ කරන්න ගියත් එතන හිටපු තිරිසනුන්ගෙ විකෘති මූහුණු මෑවි මෑවි පෙනෙන්න ගත්තා..හරියට මුළු ලෝකෙම මළගිය එවුන් ඉන්න අමු සොහොනක් වගේ....ඒ මූසල හොරාව මගෙ ජීවිතෙන් අයින් කරලම දාන්න මට ඕනි වුනා.මගේ හදවත පිච්චෙනවා. ඒ ගිනි නිවන එකම මග මම හොයාගත්තා....

ළිදේ පනින්න හෑදුවා,
වහා බොන්න හෑදුවා,

ඒත් මගෙ හෙවනෑල්ල ඒ හෑමදේම වෑලෑක්වුවේ පුදුම විදිහට ..... දරුවෙක් නෑතිව මම විදවනවා ඈති කියලා එයා හිතන්න ඈති...
ඉතින් ඔය අතරෙදි මෙ මස් වෑදෙල්ල මගෙ බඩට ආවේ ,,,, නෑන්දම්මගෙ මුහුන  සතුටින් ඉපිලුනා "අනේ දෙවියො අපේ මුහුණ බෑලුවා, දෙයියන්ට පින්සිද්දවෙන්න මට දෑන් හිතේ සතුටින් මෑරෙන්න පුලුවන්  ".නෑන්දාම්මා උදේ හවස දෙවියන්ට යාතිකා කරද්දි මගෙ පපුව තවත් ගින්නකින් ඈවිලෙන්න ගත්තා,,,

කාගෙද මේ දරුවා?????????

මං දන්නෙ නෑ මේ දරුවා කාගෙද කියලා.. ඒත් මං එක දෙයක් තීරනය කලා,,  

 " මූව මට එපා"

හෑමෝටම හොරෙන් අන්නසි ගෑට ගෙනත් කන්න හෑදුවෙ ඒ පිළිකුල් ලේ කෑටිය මගේ ඈගින් අයින් කරලා දාන්න.....
"උඔට පිස්සුද යකෝ "
නෑන්දම්මා දුම්මල වරම ගත්තා අතට  ඊට පස්සෙ උන්දෑගෙන් වහන් වෙලා හාල් ඈටයක් වත් කන්න අවසර ලෑබුනෙ නෑ මට. නිහඩව අවනත වෙනවා හෑර මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

සිහින් ඉකිබිදුමක් , ඒත් එක්කම මගේ හිස පිරිමදිනව වගේ දෑනුන නිසා නින්දත් නොනින්දත් අතර හිටපු මං ආයෙත් පියවි සිහියට ආවා. ඈස්වල කදුළු පුරොගෙන මගේ හෙවනෑල්ල මං ළග, 

"ඔයාට ගොඩක් වෙහෙස ඈති අම්මේ ..."
ඉක්මනට  සනීප වෙන්නකො.., අපි ගෙදර යමු . හෑමදේම හරියයි.අපෙ පුංචි පෑටියා එයාගෙ අත්තම්ම ළග. එක පාරක් ඒ පෑටියගෙ මුහුණ බලන්න,  ඔයාට ආදරේ හිතෙයි. ළගට අරන් කිරි ටිකක් දෙන්න. ඒ අපේ දරුවනෙ අම්මේ...
කොහොමද  දෙයියනේ ඔයා මේ තරම් දරුනු වුනේ...???? "

අම්මා.....................,,,
ඔහුත් මට අම්මා කියනවා. කොච්චර කාළයක් ඒ වචනය අහන්න බලන් උන්නද මං . ඒත් එක්කම හදවතේ කොහෙදො තෑනක හිරවෙලා තිබුන දාරක සෙනෙහස මතු වෙන්න පටන් ගත්තා. වයිරය තුළ යටවෙලා තිබුන මගේ මතෘත්වය තව දුරටත් යටකරන් ඉන්න මට ඕනි වුනෙ නෑ. මගේ අම්මා තාත්තා නිසා මං කොච්චර දුක් වින්දද? ඒ ආදරය මගේ ජීවිතේ කවදාවත් නොපිරුන රික්තයක් ...අද මමත් කරන්න හදන්නෙ ඒකම නේද? වෑරදි කරපු එවුන් ඒ ගෑන තෑකීමක්වත් නෑතිව ඉදිද්දි අපේ අහිංසක ජීවිත විදවන තරම් 
මස් වෑදල්ලක් විතරක් කියල හිතපු අපේ දරු පෑටියගේ සුවද විදින්න මට ඕනි උනා. ළමෑද දෝරේ ගලන කිරි වලින් තෙත් වෙද්දි මට තවත් ඒ හෑගීම වලක්වන්න බෑරිවුනා වද  ගෑහෑණියක් විදියට සමාජයෙන් කොන් වෙලා හිටපු මාව අම්මා කෙනෙක් කළ  මගෙ පුංචි පෑටියව දකින්න , නොසිදෙන ආශාවක් හිත ඈතුලෙ නලියනවා......

"මට මගෙ දරුවා  ඕනි."......
මං ඔහුගෙ ළයට  තුරුල් වී දරුවා ඉල්ලා හඩද්දි  ඒ ඈස් දීප්තියෙන් බෑබලෙන්න ගත්ත... කොච්චර කාලෙකින්ද ඒ ඈස්දෙකේ හිනාවක්  මං දෑක්කෙ..... ඒත් මං දන්නෑ තව තව කොච්චර කාලයක් ඒ හිනාව ඒ ඈස්වල රෑදිලා තියෙවිද කියලා.......  

10 comments:

  1. වාවු! මාරයි. මේකනම් සුපිරිම ලියවිල්ලක්. කතාවනම් උපරිමයි. රසය මුල ඉඳන් අවසානය වෙනකම්ම ගානට තිතට තියෙනවා. මුල මැද අග ගැලපීම කදිමයි. ඔයාගේ තියෙන දක්ශතාවය හොඳින් ඉස්මතු වෙලා පේනවා මේ කතාවෙන්. දිගටම ලියමු.
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හෑම වචනයක්ම මට ලොකු හයියක් මල්ලි ගොඩක් ස්තුතීයි

      Delete
  2. හරිම ලස්සනට ලියල තියනවා

    ReplyDelete
  3. එක හුස්මට කියෙව්වා...නියමයි අක්කි හැඟීම් දැනෙනවා නියමෙට

    ජය!!!

    ReplyDelete
  4. දැනෙන හැගෙන විදියට ලියල තියනව..නියමයි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete