Sunday, February 17, 2013

බසයේදී හමුවුණි මට


හෑමදාම
අහක බලන් 
තනියම 
ඔය තරම් 
දුර යන්න 
කම්මෑලි නෑද්ද 
ඔයාට...........



එන්න මගෙ තුරුළට
විදිමු ඒ උණුසුම 
පොරොන්දු වෙන්නම්
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
ඔයාට.....

ඔන්න ඉතින්
අහංකාර වෙන්න එපා
ඔය තරම්...
මූණ ටිකක් ඉම්බට 
ළමයි හම්බෙන්නෑනෙ
අපරාදෙ පෑය ගාන
නිකරුනේ ගෙවිල යන 

ඉතින් 
තවත් කුමට සිතනවද 
එන්න මගෙ තුරුලට
අපි කරමු ආදරය 
ගෙවන මේ මොහොතට



10 comments:

  1. කා විසින් කා හට කියන ලද්දක්ද දන්නෙ නෑ නේද? හෙ හෙ ;)

    ReplyDelete
  2. පුදුමේ කියන්නේ ගාල්ලේ ඉදන් කොළඹට ආව යාලුවෙක් ඊයේ මෙහෙම කතාවක් මට කිව්වනේ එයාගේ පිටිපස්සේ සීට් එකේ දෙන්නෙක් ඔහොම.......

    ReplyDelete
  3. හෙට දවස කොහොමත් ඔහොම වෙන්න පුලුවන්.. මේ ආර්ථිකේ හැටියට.. කසාදෙටත් 5000ක් එපෑය..ලව් කරන්න වෙලාවකුත් නෑ සල්ලිත් නෑ අවස්ථාවකුත් නෑ...

    ReplyDelete
  4. ම්.... කම්මැලි කොහෙද මේවගේ කව් හිතනකොට..............

    ReplyDelete